ගෑස් වංචාව ඇතුලු හොරකම් රැසක් රටට හෙළි කළ කෝප් හිටපු සභාපති මහාචාර්ය චරිතව ‌ආණ්ඩුව මේ පාර කෝප් එකෙන් හලයි! ‘ආර්ථික අපරාධකාරයෝ දින්නා! ජනපතිතුමනි අගමැතිතුමනි ලැජ්ජයි!’ චරිතගෙන් සැර ට්විටර් පණිවුඩයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 3, 2022

ගෑස් වංචාව ඇතුලු හොරකම් රැසක් රටට හෙළි කළ කෝප් හිටපු සභාපති මහාචාර්ය චරිතව ‌ආණ්ඩුව මේ පාර කෝප් එකෙන් හලයි! ‘ආර්ථික අපරාධකාරයෝ දින්නා! ජනපතිතුමනි අගමැතිතුමනි ලැජ්ජයි!’ චරිතගෙන් සැර ට්විටර් පණිවුඩයක්!

කෝප් කමිටුව සදහා තෝරාගෙන ඇති මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය අද පෙරවරුවේ දී කතානායකවරයා විසින් නිවේදනය කළ අතර ඊට කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා වූ චරිත හේරත් මහතාගේ නම නැත.

ඒ සම්බන්ධයෙන් සිය විරෝධය හිටපු සභාපතිවරයා විසින් ට්වීටර් පණිවිඩයකින් ප්‍රකාශයට පත් කර තිබේ.

එහි දළ අදහස පහත පරිදි වේ.

‘මාස දෙකකට පසුව කෝප් කමිටුව ප්‍රකාශයට පත් කර තිබේ.
අනුමාන කළ පරිදිම මගේ නම එහි නැත. දූෂිත ක්‍රමයට පක්ෂපත ඩීල් කාරයන් ලයිස්තුවට ඇතුළත් වී තිබේ. ජයග්‍රහණය ඔවුන්ගේ ය.
ආර්ථික අපරාධකරුවන්ට අවශ්‍ය වූවේ මාව ඉවත් කර තැබීමටයි.
ජනාධිපති තුමනි – අගමැති තුමනි
ලැජ්ජයි…’


කෝප් කමිටු සාමාජිකයන් මෙසේය.  

1. ජගත් කුමාර

2. ජානක වක්කුඹුර

3. ලොහාන් රත්වත්තේ

4. ඉන්දික අනුරුද්ධ හේරත්

5. ඩී වී චානක

6. ශාන්ත බණ්ඩාර

7. අනුර දිසානායක

8. රවුෆ් හකීම්

9. පාඨලී චම්පික රණවක

10. මහින්දානන්ද අලුත්ගමගේ

11. රෝහිත අබේගුණවර්ධන

12. හර්ෂ ද සිල්වා

13. ඉරාන් වික්‍රමරත්න

14. නිමල් ලාන්සා

15. එස්.එම්.එම් මුෂාරෆ්

16. නලීන් බණ්ඩාර ජයමහ

17. එස්.එම්. මරික්කාර්

18. මුජිබර් රහුමාන්

19. රෝහිණි කුමාරි විජේරත්න

20. සංජීව එදිරිමාන්න

21. ජගත් කුමාර සුමිත්‍රාරච්චි 

22. ප්‍රේම්නාත් සී. දොලවත්ත

23. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ

24. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්

25. රාජිකා වික්‍රමසිංහ 

26. මධුර විතානගේ

27. රංජිත් බණ්ඩාර 

No comments:

Post a Comment

Post Bottom Ad