බාල අපරාධ කරන භික්ෂූන් ගැන ඇමැති විදුර තීරණයක් ගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 25, 2022

බාල අපරාධ කරන භික්ෂූන් ගැන ඇමැති විදුර තීරණයක් ගනී!

විහාරස්ථානවලදී බාලවයස්කාර දරුවන්ට අඩන්තේට්ටම් සිදුවීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් තමා වහා ම වාර්තාවක් කැඳවී යැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් පැවසුවා. 
කුඩා දරුවන් මහණ කිරීමට යැයි කියමින් විහාරස්ථානවලට ගෙනැවිත් අඩන්තේට්ටම්වලට ලක්කර ඇතැයි විවිධ පාර්ශ්ව වෙතින් ලැබුණු පැමිණිලි සලකා බලා මෙම වාර්තාව කැඳවූ බව ද ඇමතිවරයා සඳහන් කළා.

මෙවැනි කටයුතුවලට තමන් දැඩි සේ විරුද්ධ බව ත්, විහාරස්ථානවලදී මෙවැනි වැරදි කරන පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතු බවත් හෙතෙම අවධාරණය කර සිටියා.

මෙවැනි වරදවල් සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කළ හැකි ආකාරය සොයා බලන බව පැවසූ වික්‍රමනායක මහතා, මේ සම්බන්ධව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද පෙන්වා දුන්නා.

විහාර හා දේවාලගම් පනතට සහ ථේරවාදී භික්ෂු කතිකාවත් පනතට සංශෝධන ගෙනැවිත් මෙවැනි අකටයුතුකම් වැළැක්වීමට හැකියාව පවතී දැයි සොයා බලා පාර්ලිමේන්තුවට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කර සිටියා.

කාලීනව මෙම පනත් සංශෝධනය විය යුතු බවත්, විහාරස්ථානවල කටයුතු සම්බන්ධයෙන් මෙම පනත්වල බැඳීමක් තිබෙන බවත් ඇමතිවරයා පැවසුවා.

මෙවැනි කරුණුවලදී සර්වකාලීන විසඳුම් සෙවිය නොහැකි බව කී හෙතෙම වැරදි කරන භික්ෂුන් සිවුරෙන් ඉවත් කිරීම වැනි දණ්ඩන බලගැන්විය යුතු බව පෙන්වා දෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad