ලංකා බැංකුවේ දූෂිත සභාපති බැංකුවෙන් ඉවත් කිරීමට දෙවියන්ගෙන් ඉල්ලා ලංකා බැංකු සේවක සංගමයෙන් රාත්‍රී උද්ඝෝෂණයක් සහ දේව කන්නලව් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 23, 2022

ලංකා බැංකුවේ දූෂිත සභාපති බැංකුවෙන් ඉවත් කිරීමට දෙවියන්ගෙන් ඉල්ලා ලංකා බැංකු සේවක සංගමයෙන් රාත්‍රී උද්ඝෝෂණයක් සහ දේව කන්නලව්

ලංකා බැංකුවේ දූෂිත සභාපති බැංකුවෙන් ඉවත් කිරීමට දෙවියන්ගෙන් ඉල්ලා ලංකා බැංකු සේවක සංගමයෙන් රාත්‍රී උද්ඝෝෂණයක් සහ දේව කන්නලව්

ලංකා බැංකුවේ වත්මන් සභාපති මහජන මුදල් අවභාවිතා කරමින් සහ බැංකුවේ පරිපාලනයට දේශපාලන බලපෑම් අනිසි ලෙස එල්ල කරමින් පසුගිය කාලය පුරා බැංකුව වැනසීමට කටයුතු කල බවත් ඒ හේතුවෙන් එම සභාපතිවරයා ඉවත් කර බැංකුවට සුදුසු වංචා දූෂණ චෝදනා නැති පුද්ගලයකු පත්කරන ලෙසට දේශපාලන අධිකාරියට බලපෑම් කරමින් දිගින් දිගටම විරෝධතා පැවැත්වුවද පාලකයින් සුදුසු පියවර ගෙන නැති බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.

ඒ හේතුවෙන් දේව කන්නලව්වක් සිදු කිරීමට එම සංගමය කටයුතු කර ඇත.ඊයේ දින රාත්‍රියේ උද්ඝෝෂණයක් සහ දේව කන්නලව්වක් ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිටදි පැවැත් වූ අතර සභාපතිවරයා ඉවත් කර වෝහාරික විගණනයක් පවත්වා ඔහුගේ දූෂිත ක්‍රියා හේතුවෙන් බැංකුවට අහිමි වූ කෝටි ගණන් මහජන මුදල් අයකර ගැනීමටත් අනෙකුත් නීතීමය ක්‍රියා මාර්ග ගැනීමටත් පාලකයින් කටයුතු කරන තෙක් අඛණ්ඩව විරෝධතා වල නිරත වෙන බවත් එයින් නොනැවතී සමස්ථ බැංකු පද්ධතියම වැඩවර්ජනයක් කරා මෙහෙයවමින් ජනතාවාගේ මුදල් සහ ජනතාවගේ බැංකු දූෂිතයින්ගෙන් ආරක්ෂාකර ගැනීමට ලංකා බැකු සේවක සංගමය සූදානම් බවද එම සංගමය ප්‍රකාශ කරයි

 

No comments:

Post a Comment

Post Bottom Ad