ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඇතුළු තොරතුරු මේ මස 28 වැනිදාට පෙර මුදාහරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පොලිසියට නියෝග කර තිබේ.
මෙම තොරතුරු නිශ්චිත කාලය ඇතුළත ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංකා පොලිසියට සහ තොරතුරු නිලධාරීට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට තීරණය කළ බව ද කොමිෂන් සභාව දැනුම් දී ඇති අතර තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව එලෙස නියෝග කළේ නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා ගොනු කළ අභියාචනයක් විභාග කිරීමෙන් පසු තීන්දුව ලබා දෙමිනි.


No comments:
Post a Comment