ගෝඨා කරපු කාබනික වැඩේ ප්‍රතිපල ඔන්න ඇවිත්! වී අස්වැන්න මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂයකින් පහළ බැහැලා! අලුත්ම වාර්තාව කරපු හෙළිදරව්ව! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 12, 2022

ගෝඨා කරපු කාබනික වැඩේ ප්‍රතිපල ඔන්න ඇවිත්! වී අස්වැන්න මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂයකින් පහළ බැහැලා! අලුත්ම වාර්තාව කරපු හෙළිදරව්ව!

රසායනික පොහොර තහනම්  කිරිමෙන් පසු වගා කළ පළමු මහ කන්නයේ අස්වැන්න, පෙර මහ කන්නයේ වී අස්වැන්නට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොලොස් ලක්ෂයකට අධික ප්‍රමාණයකින් අඩුවී ඇති බව අනාවරණය වී තිබේ. 
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් 2021 සහ 2022 වර්ෂයන්ට අදාළව නිකුත් කර ඇති වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇත.

රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය 2021 වර්ෂයේ ජුනි මස සිට තහනම් කිරීමට පියවර ගැනීමත් සමග එම වර්ෂයේ යල කන්නයේ වගා කටයුතු ඊට පෙර කන්නයෙන් ඉතිරි කර ගන්නා ලද පොහොර භාවිත කරමින් සිදුකිරීමට ගොවීන් කටයුතු කර තිබුණි.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා අනුව 2021 වර්ෂයේ මහ කන්නයේදී කුඹුරු හෙක්ටයාර් හය ලක්ෂ 81,521ක වී වගාව සිදුකර තිබේ.

ඉන් වී මෙට්‍රික් ටොන් තිස් ලක්ෂ 61,394ක අස්වැන්නක් එම වර්ෂයේ ලබාගෙන ඇති බව සඳහන් වේ.

2021 මහ කන්නයට සාපේක්ෂව 2022 වසරේ මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් 3,643ක් වැඩිපුර වගා කර තිබුණි.

එහෙත් එම කන්නයේ අස්වැන්න ලෙස ලැබී තිබුණේ වී මෙට්‍රික් ටොන් 19 ලක්ෂ 31,230ක් බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වල සඳහන් වේ.

එම  මහ කන්නයේ වී අස්වැන්න පෙර මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන්  11 ලක්ෂ 30,164ක අඩුවීමක් බව සඳහන් වේ.

මෙලෙස වී අස්වැන්න විශාල ලෙස අඩුවීමට ප්‍රධාන හේතුව වන්නේ  2021 වසරේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad