ඡන්දය කටමුල තියා පොහොට්ටුවට හෙණගෙඩියක් පත්තු වෙයි! තවත් මන්ත්‍රීවරු කීපදෙනෙක් ස්වාධීන වෙන්න තීන්දු කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 4, 2023

ඡන්දය කටමුල තියා පොහොට්ටුවට හෙණගෙඩියක් පත්තු වෙයි! තවත් මන්ත්‍රීවරු කීපදෙනෙක් ස්වාධීන වෙන්න තීන්දු කරයි!

පොහොට්ටුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඉදිරි දින කිහිපය ඇතුළත ස්වාධීන වීමට තිරණය‌ කොට ඇති බව වාර්තා වේ.

දේශපාලන ආරංචිමාර්ග සදහන් කරන්නේ මෙම තණ්ඩායමට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම ඇතුළත්ව සිටින බවකි. 
පක්ෂය ඇතුළේ සිදුවන යම් යම් සිදුවීම්වලින් දැඩි කලකිරීමට පත්ව සිටීම මේ සදහා හේතුව වී ඇති බව දැනගන්නට තිබේ.

පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලූ මන්ත්‍රීරුන් විශාල පිරිසක් මේ වනවිට ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කරති.


No comments:

Post a Comment

Post Bottom Ad