ජනපති රනිල් මැතිවරණයෙන් ඉවත් වේ... නිල වශයෙන් දැනුම් දේ! - විගස පුවත් - Vigasapuwath

Wednesday, January 4, 2023

ජනපති රනිල් මැතිවරණයෙන් ඉවත් වේ... නිල වශයෙන් දැනුම් දේ!

ඉදිරිපත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිදු දේශපාලන කටයුත්තකට තමන් සහභාගී වන්නේ නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

ඊයේ කොළඹ දී එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන් හමු වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව නිල වශයෙන් දැනුම් දී ඇත. 
තමන්ට වරමක් දී ඇත්තේ ඡන්ද කිරීමට නොව වසර දෙකක් තුල රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට බවත් එනිසා ඉන් පිට තමන් කිසි විටෙක ක්‍රියා නොකරන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණ ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා තීරණ ගන්නා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ සම්ප්‍රදායානුකූලව මුලසුන ගැනීමට තමන් ඉදිරිපත් වන බවත් ජනාධිපතිවරයා තව දුරටත් සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *