සල්ලි නොදුන්නොත් පුංචි ඡන්දය නෑ - මැතිවරණ කොමිසම - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 3, 2023

සල්ලි නොදුන්නොත් පුංචි ඡන්දය නෑ - මැතිවරණ කොමිසම

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අවශ්‍ය කරන මුදල් රජයෙන් නොලැබුණහොත් එම මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම සඳහන් කර තිබේ.

එම කොමිසමේ සභාපතිවරයා තම පාර්ශ්වය සමඟ පැවති සාකච්ඡාවක දී මෙසේ පැවසූ බව ජාතික ජන බලවේගය සාමාජික නීතිඥ සුනිල් වටගල මහතා පැවැසීය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග තම පක්ෂය මැතිවරණය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එවිට එහිදී මේ බව සඳහන් කළ බවත් හෙතෙම කියා සිටියේය.

පසුගිය අයවැයෙන්ද මැතිවරණයට මුදල් ලබාදීම පිළිබඳව යෝජනාවක් කළ යුතු නමුත් ඒ කිසිදු අවස්ථාවක එවැනි යෝජනාවක් කර නොමැති බැවින් මෙම ඡන්දය කල් දැමීමේ වුවමනාවක් ආණ්ඩුවට සිදුව තිබෙන බවද ඔහු පැවසීය.

කොමිසමේ සභාපතිවරයාගෙන් විමසූ ඇතැම් ප්‍රශ්න වලට ඔහුගෙන් නිසි පිළිතුරු නොලැබුණු බවද වටගල මහතා තව දුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad