ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හදවතේ මහින්ද රාජපක්ෂ මහතා එදා සිටි තැන අද සිටින්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා සඳහන් කරයි. අද රනිල් වික්‍රමසිංහ මහතා ජන ජනාධිපති කිරීමට දඟලන්නේ එක්සත් ජාතික පක්ෂය අයටත් වඩා පොදුජන පෙරමුණේ අය බව ද හෙතෙම කියා සිටියි.
එම පිරිසගේ අපේක්ෂාව රනිල් වික්‍රමසිංහ මහතාගේ කරේ එල්ලී බලයට පත්වීම බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
එදා රනිල් එලවන්න දඟලපු අයම අද රනිල් නැවත ජනාධිපති කරවීමට විශාල උත්සාහයක් ගන්නා බව පෙනෙන්නට ඇතැයි ද විජයලාල් මහතා තවදුරටත් එහිදී කියා සිටියේය.
No comments:
Post a Comment