ඇමතකමන ඉවත වන බව කහලය කයය - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 22, 2023

ඇමතකමන ඉවත වන බව කහලය කයය

ඖෂධ මිලට ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් නොලැබුණහොත් තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

රෝහල් දෙකක නිර්වින්දන ඖෂධ පිළිබඳව ඇති වූ ගැටලු පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ඔහු පාර්ලිමේන්තුවේ දී මෙසේ සදහන් කලේය.

අධිකරණය ගන්නා ඇතැම් තීන්දුවලින් බලපෑමක් ඇතිවී තිබෙන බවත් මුදල් ප්‍රශ්නයද මතු වී තිබෙන බවත් පැවසු ඔහු ඒ පිළිබඳව කටයුතු කිරීමට හැකියාවක් නැති නම් ඒ ගැන පාර්ලිමේන්තුවට දන්වන බව ද ඔහු කියා සිටියේය.

මෙම අඩුපාඩු පිරිමසා ගැනීමට තවදුරටත් නොහැකි නම් අමාත්‍යවරයා ලෙස තමන් තනතුරු දැරීමට තවත් බලාපොරොත්තු නොවන බව තීරණය කර ඇති බවද හෙතෙම තවදුරටත් පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad