ලකව කරර නතය නවත තරසතවදය වළකවම පනත අවලග කරනන - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 22, 2023

ලකව කරර නතය නවත තරසතවදය වළකවම පනත අවලග කරනන

ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ විරෝධතා සීමා කිරීමට සහ සිවිල් අවකාශය පාලනයට කුරිරු නීති භාවිත කිරීම ගැන සිය අවධානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය කොමසාරිස් නඩා අල් නෂීෆ් සදහන් කළහ.

පැවති විරෝධතා පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරයේදී වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මහකොමසාරිස්වරිය සදහන් කළහ.

විරෝධතා නායකයින්, විකට සංදර්ශන වල සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පුද්ගලයින්, විරෝධතාවල නිරත වූ මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම යන කාරණා සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවද නියෝජ්‍ය මහකොමසාරිස්වරිය සදහන් කළහ.

තවදුරටත් සංහිදියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහ රටේ ජනතාවට සහාය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සූදානම් බවද නියෝජ්‍ය මහකොමසාරිස්වරිය සදහන් කළහ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නීති සම්පාදනය කිරීමට රජය පියවර ගත යුතු බවද නියෝජ්‍ය මහකොමසාරිස්වරිය සදහන් කළහ.

තවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට නව පත්කිරීම කඩිනම් විය යුතු බවත් සත්‍ය සෙවීමේ කොමිසමක් හෝ ඒ හා සමාන ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් සඳහා වන සැලසුම් ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු බවද නියෝජ්‍ය මහකොමසාරිස්වරිය සදහන් කළහ.


No comments:

Post a Comment

Post Bottom Ad