කරඩ ඇමත රෂනග මර අයය හටප සභපතට ගහල! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 26, 2023

කරඩ ඇමත රෂනග මර අයය හටප සභපතට ගහල!

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ වැඩිමහල් සොයුරා ඇතුළු පිරිසක් පහරදී තිබේ.වෛද්‍ය සයුරු සමරසුන්දර පදිංචිව සිටින හෝකන්දර ”ඊඩින් ගාර්ඩ්න්’ නිවාස සංකීර්ණය ආසන්නයේ බාදාකාරී වන ලෙස රජයට අයත් වාහන කිහිපයක් ගාල්කර තිබීම සම්බන්ධයෙන් විමසීමට ගිය අවස්ථාවේදී රණසිංහ මහතාගේ වැඩිමහල් සොයුරා ඇතුළු පිරිස මේ ප්‍රහාරය එල්ල කළ බව සමරසුන්දර මහතා කියා සිටී.

පහර කෑමෙන් තුවාල ලැබූ ඒ මහතා මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

එම ප්‍රහාරයෙන් ඔහුගේ හිසට තුවාල සිදුව ඇති අතර රෝහලට රැගෙන එනවිට අධිකලෙස රුධිරය වහනය වෙමින් තිබු බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ක්‍රීඩා හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය රොෂාන් රණසිංහ මේදිනවල විදේශගතව සිටියි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.



No comments:

Post a Comment

Post Bottom Ad