සහතික මිලට වී මිලදී ගැනීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කලේ පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගොවිමහතුන් හමුවීමෙන් පසුවය.
මේ වනවිට වී කිලෝවක් සදහා රුපියල් 100ක සහතික මිලක් ගොවීන්ට ලබා දෙනවායැයි රජය පැවසුවත් එය බෝඩ් එකකට පමණක් සීමාවී ඇතිබව මෙහිදී ගොවිමහතුන් විසින් නාමල් රාජපක්ෂට පෙන්වා දී ඇත.
සහතික මිල ලෙස රුපියල් 100ක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් වී කිලෝවක් සදහා රුපියල් 150ක් වත් ලබා දියයුතු බවත් අවම වශයෙන් වී කිලෝවකට රුපියල් 130ක් වත් ලබා දෙනවානම් තම වියදම හෝ පියවා ගැනීමට හැකිබවත් ගොවි මහතුන් විසින් නාමල් රාජපක්ෂට දන්වා ඇත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි අවධියේදී වී අලෙවි මණඩලය ශක්තිමත් කර සහතික මිලකට වී මිලදී ගත් බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දී තිබිණි.
සමහර නායකයින් පොහොර සහනාධාරය ලබානොදීමට කටයුතු කරද්දි සහ අවම වශයෙන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පවා පොහොර සහනාධාරය ඇතුල් කිරීම පවා ප්‍රතික්ෂේප කර තිබිණි.නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රුපියල් 350කට පොහොර සහනාධාරය එතුමාගේ කාලයේදී අඛණ්ඩව ලබාදුන් බවත් මෙහිදී මතක් කල යුතුම බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
කාබනික පොහොර සංකල්පය අසාර්ථක ව්‍යාපෘතියක් බවත් යම් තැනක වැරද්දක් සිදුවුණු බවත් දිගින් දිගටම එම වැරද්ද පිලිබදව කතා කිරීමෙන් ඵලක් නැති බවත් නාමල් රාජපක්ෂ පෙන්වා දුනි.
දැන් කළ යුත්තේ වී ගොවීන්ගේ අස්වනු සදහා නියම සාධාරණ මිලක් ලබාදිය යුතු බවත්, දැනටමත් බෝඩ් වලට සීමා වී ඇති වී මිලදී ගැනීම් වහාම ආරම්භ කල යුතු බවත් නාමල් රාජපක්ෂ රාජපක්ෂ පැවසීය.

වි මිලදී ගැනීම සදහා අවශ්‍ය මුදල් වහාම නිදහස් කර වී මිලදී ගැනීම් සිදුකරන ලෙසත්,ඉදිරියේදී වී සදහා සාධාරණ සහතික මිලක් ලබාදෙන ලෙස රජයට දැනුම් දෙන බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කලේය.

No comments:
Post a Comment