පොහොට්ටු නායකත්වය අතහරින බව මහින්ද කියයි... අලුත් නායකයෙක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 29, 2023

පොහොට්ටු නායකත්වය අතහරින බව මහින්ද කියයි... අලුත් නායකයෙක්!

තමාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් යයි සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් සමාජ මාධ්‍වල පලවන වාර්තා බරපතල ලෙස නොසලකන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

‘ඔයාලට බලාගන්න පුළුවන් මම අසනීපෙන්ද හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවාද කියලා. සමාජ මාධ්‍යවල පළ කරන දේවල් බරපතල ලෙස නොගත යුතුයි’

ඔහු මෙම අදහස් පල කලේ කැලණිය විහාරස්ථානයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

තමා තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස සිටීමට බලාපොරොත්තු නොවන බවත් පැවසූ මහින්ද රාජපක්‍ෂ මහතා තරුණ නායකයින්ට අවස්ථාව දිය යුතු බවත් සදහන් කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad