රනිල්ට ජනාධිපතිකම කරන්න බැරිනම් මට දෙන්න… මම කරලා පෙන්වන්නම් - සීලරතන හිමි - විගස පුවත් - Vigasapuwath

Thursday, December 28, 2023

රනිල්ට ජනාධිපතිකම කරන්න බැරිනම් මට දෙන්න… මම කරලා පෙන්වන්නම් - සීලරතන හිමි

නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුළු ඓතිහාසික ස්ථාන පිටරට පෞද්ගලික ආයතන වෙත විකිණිම පිටුපස විශාල හස්තයක් ඇති බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් පැවසිය.

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් (28) දින ඒ බැව් කියා සිටියේ නුවරඑලිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට රජය අලෙවි කිරිමට සැලසුම් කිරිම සම්බන්ධයෙන් එම තැපැල් කාර්යාලයේ සේවකයින් හමුවීමට සහ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල නිරික්ෂණය කිරිමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මාධ්‍යට වැඩිදුරටත් අදහස් දක්වමින් ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් කියා සිටියේ,

ඓතිහාසික නුවරඑලිය තැපැල් කාර්යාලය කොහේවත් නැති නාඩගම්කාරයෝ පිරිසකට විකුණන්න හදනවා , පිං ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ සම්පත් විකුණනවා අයි.එම්.එෆ් එකේ උන් සතුටු කරන්න,

මේවා විකුණලා ජනතාවට සහන දෙන්නේ නැ , මේ මුදල් යන්නේ කොහේවත් නැති පට්ට හොරු පිරිසකට , මේක රනිල් වික්‍රමසිංහගේ ගේමක් නෙවෙයි , එක්කෝ මහින්ද රාජපක්ෂ ඉන්නවා , නැත්නම් මේක පිටුපස විශාල හස්තයක් තියෙනවා,

රනිල් වික්‍රමසිංහ මේක තනියම කරන්නේ නැ එක්කෝ මහින්ද , එක්කෝ බැසිල් , නැත්නම් ගෝඨාභය රාජපක්ෂ කියන්න ඕනි , 2/3 බලයක් තියෙන්නේ මුන්ට පාර්ලිමේන්තුවේ.

රනිල් වික්‍රමසිංහට කියන්නේ සල්ලි නැත්නම් කියන්න මේ රටේ මහ සංඝ රත්නය එකතු වෙලා සම්මාදම් කරලා සල්ලි හොයලා දෙන්නම් රටේ සම්පත් විකුණන්න එපා,

අම්පාර පැත්තේ පුජනිය සිද්ධස්ථාන වල ඉඩම් කොටස් කොටස් කරලා දෙනවා එක එක්කෙනාට ඒවා ගැන කියන්න කෙනෙක් නැ , මහ සංඝ රත්නය පාර බැස්සොත් ඔබතුමාට අරගලයට වඩා දෙයක් සිදු වෙනවා ,

සුද්දෝ මේවා හැදුවේ මේවගෙන් ප්‍රයෝජනය අරන් රට දියුණු කරන්න මිසක් විකුණන් කන්න නෙවෙයි, රනිල් වික්‍රමසිංහ ඔබට ජනාධිපතිකම කරන්න බැරිනම් මට දෙන්න මම කරලා පෙන්වන්නම් යනුවෙන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *