ලීක් වෙච්ච වීඩියෝ මගේ නෙවෙයි – මිහින්තලේ හිමියෝ CID යති (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Friday, December 29, 2023

ලීක් වෙච්ච වීඩියෝ මගේ නෙවෙයි – මිහින්තලේ හිමියෝ CID යති (VIDEO)

තමන් වහන්සේගේ බව පවසමින් සමාජ මාධ්‍යවල හුවමාරුවන ව්‍යාජ වීඩියෝ පට තමන් වහන්සේගේ නොවන බවත්, එසේ ව්‍යාජ වීඩියෝ පට ප්‍රචාරය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පවසමින් මිහින්තලය රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමි ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පුද්ගලයන් කිහිපදෙනකු මෙම ව්‍යාජ වීඩියෝ පට ප්‍රචාරය කිරීමට කටයුතු කරන බව CIDයෙන් පිටතට පැමිණි උන්වහන්සේ ජනමාධ්‍ය හමුවේ පැවැසූහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සිට ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළහ.

”මීට හයමාසයකට පෙර පොසොන් සාමය තුළ වට්ස්ඇප් ඔස්සේ දුරකථන ඇමතුමක් ලැබුණා. අපි වීඩියෝ එකක් එව්වා බලපන් කියලා. බලලා කෝල් එකක් ගනින් කිව්වා. ඔවුන් මට කිව්වා වීඩියෝ ගණනාවක් තියෙනවා අපිට රුපියල් කෝටියක් දීපන් එහෙම නැත්නම් උඹව ඝාතනය කරනවා කිව්වා.

මම කිව්වා මගේ වීඩියෝ ඇත්තෙත් නෑ. මම රුපියල් කෝටියක් කප්පම් දෙන්නෙත් නෑ. මගේ ලගට ඇවිල්ලා ඝාතනය කරන්න. මම සූදානම් කිව්වා.” උන්වහන්සේ එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් දැක්වේ.
 


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *