2015 මහින්ද රාජපක්‍ෂ පැරදුවේත් අපියි,මෙවරත් කවුරු දැම්මත් පරදවනවා.- JVP - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

2015 මහින්ද රාජපක්‍ෂ පැරදුවේත් අපියි,මෙවරත් කවුරු දැම්මත් පරදවනවා.- JVP

Loading...

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට 50% ක ඡන්ද ප්‍රතිශතය ලබාගැනීමට තම පක්ෂය ඉඩ ලබා නොදෙන බවත් ඒ සඳහා වන තීරණාත්මක තුරුම්පුව ඇත්තේ තම පක්ෂය සතුව බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ නුවරඑළියේ පැවති එම පක්ෂ ජනහමුවක් අමතමිනි.
2015දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති පරාජය කරවූ ආකාරයෙන්ම මෙවර ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන් ද පරාජය කිරීමට දැඩිව කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
වසර 71 ක්ම මෙරට පාලනය කළ කිසිදු පාලකයෙකුට රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් නොතිබූ බවත් රට ගොඩනගන වැඩපිළිවෙළක් ඇත්තේ තම පක්ෂයට පමණක් බවත් කී ඔහු තම පක්ෂයට බලය ලබාදෙන්නේ නම් වසර පහකින් රට ගොඩනඟා පෙන්වන බවද කියා සිටියේය.
-lankasinhalnews

No comments:

Post a Comment

Post Bottom Ad