හම්බන්තොට තෙල් පිරිපහදුව පසුපස ඉන්දිය දේශපාලඥයෙක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

හම්බන්තොට තෙල් පිරිපහදුව පසුපස ඉන්දිය දේශපාලඥයෙක්

හම්බන්තොට තෙල් පිරිපහදුව පසුපස ඉන්දිය දේශපාලඥයෙක්

මතභේදයට තුඩු දී ඇති හම්බන්තොට ඉදිකිරීමට යෝජිත යැයි පැවැසෙන තෙල්පිරිපහදුව පසුපස ඉන්දීය ප්‍රභල දේශපාලඥයෙක්ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ද හින්දු පුවත්පත සඳහන් කරන්නේ ඉන්දීයාවේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් මෙන්ම ඩී.එම්.කේ. පක්ෂ නායකයෙක්ද වෙන එස්. ජගත්රාක්ෂකන් මෙම ව්‍යාපෘතිය පසුපස සිටින බවයි.

ජාත්‍යන්තර වෙළඳ හා උපායමාර්ග සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන පිරිදි ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබුණු සෘජු විදේශ ආයෝජනය වෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 3.85ක් මෙම ආයෝජනය සිංගප්පූරුවේ සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් මූලිකත්වය ගෙන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අමතරව ඕමාන සමාගමක්ද මෙම ආයේජනනයට එක්වන බවට සඳහන් කළත් ඕමාන ඛනිජ තෙල් අමාත්‍යාංශය එය ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ ඕමාන සමාගමක් මේ සඳහා එක්විමට නියමිත බවයි.

සිංගප්පූරුවේ සිල්වර් පාක් ඉන්ටර්නැෂල්  සමාගම එස්. ජගත්රාක්ෂකන් මහතාගේ පවුලට සම්බන්ධ ව්‍යාපාරයක් වන අතර  ජගත්රක්ෂකන් සංදිප් ආනන්ද්, ජගත්රාක්ෂකන් ශ්‍රී නිෂා හා ජගත් රාක්ෂකන් අනූසුයා එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වෙති. පිළිවෙළින් ඔවුන් එස්. ජගත්රාක්ෂකන්ගේ පුතා, දුව හා බිරිඳ වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad