වෙඩි ප්‍රහාරයකට ලක්වූ බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂනායක මිය යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

වෙඩි ප්‍රහාරයකට ලක්වූ බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂනායක මිය යයි

වෙඩි ප්‍රහාරයකට ලක්වූ බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂනායක මිය යයි

වෙඩි වැදීමක් හේතුවෙන් රෝහල්ගත කරනු ලැබූ බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතා මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි.

මෙම මස 20 දින ඔහුගේ නිවස අසළ දී වෙඩි ප්‍රහාරයකට ලක්වූ මන්ත්‍රීවරයා තංගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුණි.

කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදු කළේ ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර බෙලිඅත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad