Loading...
19 වැනි දින මධ්‍යම රාත‍්‍රි 12.30 ට පමණ සිදුව ඇති මෙම මෝල් ගස් ප‍්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ වැලිපැන්න පොලිස් වසමේ සදුන් උයන මීගම පදිංචි කාරියවසම් ඉදිපෙලගේ කපිල නැමති 35 හැවිරිදි පෙදරේරු වෘත්තියේ යෙදුණු අවිවාහකයෙකි. සැකකරු කලක් ඉතාලියේ පදිංචිව සිට මීට වසරකට පමණ පෙර සදුන් උයනේ පදිංචි වී තම ඉඩ කඩම් වල වගා කටයුතු කරමින් දිවි ගෙවා ඇති අතර ඔහුගේ දරු දෙදෙනා හා බිරි`ද දැනට ඉතාලියේ පදිංචිව සිටින බව පොලිස් පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.
මරණයට පත් තම බිරි`දගේ ලොකු අම්මාගේ පුතා නිවසට පැමිණ නිතර මුදල් ඉල්ලා කරදර කරන බවත් සිද්ධිය වූ දින සවස පිහියක් රැගෙන පැමිණ තමාගෙන් මුදල් ඉල්ලා තර්ජනය කළ බවත් සැකකරු පොලීසියට පවසා තිබේ. තමන් අත මුදල් නොමැති බව පැවසූවෙන් පසු දින බැංකුවෙන් රැගෙන දෙන පොරොන්දුව මත නිවසේ තමා නිදා සිටි සෝපාව අසල බිම නිදා ගත් ඔහුට නින්ද ගිය පසු මුළුතැන්ගෙට ගොස් මෝල් ගහ රැගෙන හිසට පහර දුන් බවත් සැකකරු පාපොච්චාරණය කර ඇත. මෙම පහරදීම පිළිබදව සැකකරු විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දී ඇති අතර ඒ අනුව සැකකරු අත් අඩංගුවට ගැනීමට වැලිපැන්න පොලීසිය කටයුතු කර තිබේ.
-දිවයින පුවත්පත
No comments:
Post a Comment