Loading...
ශ‍්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නඟමින් මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී කොටි ඩයස්පෝරාව සහ මෙරට ඇතැම් පිරිස් විසින් දියත් කර තිබූ කුමන්ත‍්‍රණය පරාජය කරන්නට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, විදේශ ඇමති තිලක් මාරපන හා විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාථ ආර්යසිංහ යන මහත්වරුන් විසින් දියත් කළ ක‍්‍රියාවලිය හේතුවෙන් හැකියාව ලැබී තිබේ.
ඒ අනුව ශ‍්‍රි ලංකාවේ වර්තමාන තත්ත්වය හා අත්කරගෙන තිබෙන ප‍්‍රගතිය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙමින්
සංක‍්‍රාන්තික යුක්ති යාන්ත‍්‍රණ ගොඩනැංවීමේදී මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් කාර්යාලයක්
ශ‍්‍රී ලංකාවේ පිහිටුවීම හා හයිබි‍්‍රඞ් අධිකරණයක් මෙරට පිහිටුවීම
සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ යෝජනා ප‍්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා විසින් 40 වැනි මානව හිමිකම් සැසිවාරය
අමතමින් ප‍්‍රකාශ කිරීම රටක් ලෙස සියලූ දෙනා එක්ව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් අත්තනෝමතික ක‍්‍රියාවලියන්ට එරෙහිවීමක් ලෙස සැලකිය හැකිය.
ශ‍්‍රී ලංකාව සියලූ ක්‍්‍රියාමාර්ග ගන්නේ ව්‍යවස්ථාවට අනුව බවත්, විදෙස් විනිසුරුවන් මෙරටට ගෙන්වා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය හා ජනමත විචාරණයක් අවශ්‍ය බව දැනුම්දීම හා ඍජුව චෝදනා එල්ලනොවූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයද මානව හිමිකම් සැසිවාරය හමුවේ විදේශ ඇමතිවරයා විසින් ඍජුව ප‍්‍රකාශ කිරීම ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට ක‍්‍රියා කරන බවට වර්තමාන ආණ්ඩුවට එල්ලවූ චෝදනාවන්ට පිළිතුරු දීමක්ද වැනිය.
මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනාවක් එංගලන්තය විසින් ඉදිරිපත් කර තිබේ. ශ‍්‍රී ලංකාවේ වගවීම, ප‍්‍රතිසන්ධානය හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම යන මාතෘකා යටතේ ඔවුන් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා එංගලන්තය සමග කැනඩාව, ජර්මනිය, මැසඩෝනියාව හා මොන්ටෙනීග්‍රෝ යන රටවල් අනුග‍්‍රහය දක්වා තිබිණි.
ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ රටවල් මීට පෙර 2015 වසරේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එවකට විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා එයට
ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සම අනුග‍්‍රහය දැක්වීය. මෙවර එය යළිත් වතාවක් එංගලන්තයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව මෙවර ද නව යෝජනාවලිය සඳහා ශ‍්‍රී ලංකාව සම අනුග‍්‍රාහකත්වය දැක්විය යුතු බවට රජයේ ඇතැම් පාර්ශ්ව විසින් පවසන ලද අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස වූයේ ඒ සඳහා ශ‍්‍රී ලංකාව අනුග‍්‍රාහකත්වය ලබා නොදිය යුතු බවය.
මීට පෙර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින 30/1 යෝජනාවලියේ සඳහන් කරුණු තවදුරටත් අඛණ්ඩව ක‍්‍රියාවට නැංවීම වෙනුවෙන් මෙම නව යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ‍්‍රී ලංකාවේ සම දායකත්වය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේදී ඉදිරිපත් කළ යෝජනාවට පදනම් වූයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධාන, වගවීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන අතර එවකට විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා 2015 වසරේ සැප්තැම්බර් 20 වැනි දින මානව හිමිකම් කවුන්සිලයට එම යෝජනාව ඉදිරිපත් කරන ලදී. එය කිසියම් රටකට විරුද්ධව ගෙන ආ යෝජනාවකට එම රට විසින් සම අනුග‍්‍රහය ලබාදුන් පළමු අවස්ථාව විය.
ජනපති - ඇමති - ලේකම් නොදැන උපදේශකයෙක් හිතුමතයට වැඩ
මෙවර මෙම මත ගැටුම් පවතිද්දී මේ සම්බන්ධයෙන් පසුව දිගින් දිගටම පැවති සාකච්ඡුාවලදී අනාවරණය වූයේ ජනාධිපතිවරයා හෝ විදේශ ඇමැති තිලක් මාරපන හෝ විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ යන තිදෙනාගේම කිසිදු අනුදැනුමකින් තොරව ආණ්ඩුවේ ඇතැම් උපදේශකයන්ගේ උවමනාව මත ජිනීවාහි ඇතැම් නිලධාරීන් ඒ සඳහා වන යෝජනාවන්ට අත්සන් තබා ඇති බවය. ඒ අනුව ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම තිලක් මාරපන හා රවිනාථ ආර්යසිංහ සමග සාකච්ඡුා කළ අතර ඒ අනුව මෙවර පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය සදහා තම නියෝජිතයන්ද සහභාගී කරවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කළේය.
එසේම කාලයක් තිස්සේ ජිනීවා නිත්‍ය නියෝජිත තනතුර දරමින් ශ‍්‍රි ලංකාවේ අයිතීන් වෙනුවෙන් සටන්කාමී මෙහෙවරක් කළ වර්තමාන විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ ද මෙම කටයුතු සඳහා පසුගිය දිනවල සම්බන්ධ කරගෙන නොතිබීමද ජනාධිපතිවරයා දැඩි ලෙස සැලකිල්ලට ගෙන තිබිණි.
කෙසේ වෙතත් අවසානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර පවත්වනු ලැබූ සාකච්ඡුාවලින් පසුව, ජිනීවා නුවර පැවැත්වෙන මෙම සාකච්ඡුා සඳහා කොළඹින් සහභාගී වන රජයේ නියෝජිත පිරිසෙහි සංයුතිය තීරණය විය.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් යුත් එම ¥ත පිරිස ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරින් පුල්ලේ යන මහත්වරුන් ජිනීවා සමුළුවට ගියේ ඒ අනුවය.
ශ‍්‍රී ලංකාව පශ්චාත් යුද සංක‍්‍රාන්ති යුක්තිය ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත කාල පරාසයක් සහිත සවිස්තර උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කරමින් එය ක‍්‍රියාවට නැංවීමට පියවර ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය මෙවර සමුළුවේදී පැවසුවාය.
ස්වාධීන සත්‍ය සහ සංහිඳියා කොමිසමක් ස්ථාපිත කිරීම ශ‍්‍රී ලංකාව ඊට පසුව ගත යුතු වැදගත්ම පියවර විය යුතු යැයිද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය පැවසුවාය.
නෝර්වේ, කැනඩාව, බෙල්ජියම, ක්‍රොඒෂියාව, අයිස්ලන්තය, මොන්ටෙනීග්‍රෝ, ඩෙන්මාර්කය යන රටවල සහ යුරෝපා සංගමයේ නියෝජිතයෝ ද මෙහිදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.
දෙමළ පක්ෂවලින් ජිනීවා යෝජනා
මේ අතර යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් මෙරට තුළ ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් ඇතුළත් කරමින් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හයක් එක්ව සකස් කළ පෙත්සමක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත බාර දී තිබිණි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් මෙරට තුළ ස්ථාපිත කිරීම, ජාත්‍යන්තර විනිශ්ව මණ්ඩලයක් ඉදිරියේ යුද අපරාධ යාන්ත‍්‍රණය සිදුකිරීම, ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් 30/1 සහ 34/1 යෝජනාවන් මුළුමනින්ම ක‍්‍රියාත්මක කිරීම, අධීක්ෂණයක් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ නිත්‍ය නියෝජිතයෙකු පත්කිරීම සහ එම නියෝජිතයා විසින් සය මසකට වරක් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරවීම යන ඉල්ලීම් ඊට ඇතුළත් වී තිබිණි.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ, ඊ.පී.ආර්.එල්.එෆ්, තමිල් මක්කල් කූට්ටනි යන පක්ෂ සිය එකඟත්වය මේ සදහා පළකර ඇති අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප‍්‍රමුඛ නියෝජිතයන් පිරිසක්ද මීට සහාය පළකර තිබිණි.
විජේදාසගෙන් ආණ්ඩුවට ප‍්‍රහාර
මේ අතරේ අද මෙරට විදේශ ප‍්‍රතිපත්තිය තිරණය කරනු ලබන්නේ මුදල් අමාත්‍යංශ උපදේශකයෙක් වන මනෝ තිත්තවැල්ල විසින් යයි එජාප පාර්ලිමෙන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදය අමතමිනි.
විදේශ කටයුතු ගැන අද තීරණය කරන්නේ මුදල් අමාත්‍යාංශය විසින් යයිද, ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීමට ජනාධිපතිවරයා අනුමැතිය දී නැති බවත්, කැබිනට් අනුමැතියද නැති බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
මේ සියලූ ගැටුම් මැද තිලක් මාරපන ඇමැතිවරයා ජිනීවා සමුළුව අමතමින් සිදුකළ ප‍්‍රකාශය කොටි ඩයස්පෝරාව කිසි ලෙස අපේක්ෂා නොකළ දෙයක් වන අතර ආණ්ඩුවක් ලෙස එවැනි තීරණ නොබියව ගත හැකිවීම ජනතාවගේ පැත්තෙන් ජයග‍්‍රහණයකි. හිටපු නීතිපතිවරයකු මෙන්ම නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයකුද වන තිලක් මාරපන වැන්නකු මෙරට නීතිමය තත්ත්වයද පහදමින් එවැනි ප‍්‍රකාශයක් කළ විට එය කිසිවකුට අභියෝග කළ නොහැකිවීමද විශේෂත්වයකි.
රිෂාඞ්ට තවත් ඇමතිකම්
ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාට ඔහු දැනට දරණ අමාත්‍යාංශ විෂයන්ට අමතරව මෙතෙක් අග‍්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන යන විෂයද ලබාදී තිබේ.
ඒ අනුව රිෂාඞ් බදියුදීන් මහතාගේ නව අමාත්‍යාංශය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නමින් නම්කර තිබේ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අයත් අමාත්‍යංශයෙන් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන යන විෂයන් ඉවත් කළ පසුව ඔහුගේ නව අමාත්‍යාංශය ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථීක කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු ලෙස නම්කර තිබේ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ ඇමැති රිෂාඞ් බදියුදීන් යන මහත්වරුන් කලින් දැරූ අමාත්‍යාංශවලින් ඉකුත් 18 වැනිදා ඉල්ලා අස්වී එදිනම නව අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
රිෂාඞ් ඇමැතිවරයා තීරණාත්මක අවස්ථාවක පිල් මාරු කරනු ඇතැයි රාවයක් පවතින්නේ කලක සිටය. විශේෂයෙන් ඔහු සමඟ බැසිල් රාජපක්ෂ මහතාගේ ඇති අතිශය සමීප සම්බන්ධතාව මේ කතාවලට හේතු වී තිබේ.
රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා සෙසු මුස්ලිම් ඇමැතිවරු අතර විශේෂිත වන්නේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව අතර ඔහුට ඇති ජනප‍්‍රියතාව නිසාය. සෙසු මුස්ලිම් නායකයන් බොහෝ දෙනෙකු ව්‍යාපාරිකයන් වීම මෙන්ම ඔවුන් වැඩි වශයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාවට වඩා ව්‍යාපාරිකයන් සමඟ සිටීම වැනි චෝදනා ඔහුට නැත. එහෙත් ඔහුට විල්පත්තුව සම්බන්ධයෙන් ඇති චෝදනා බරපතළය.
රිෂාඞ් යනු සාමාන්‍ය ජනතාව තුළින් පැමිණි නායකයකු ලෙස මුස්ලිම් ජනතාව සලකන අතර අනෙකුත් මුස්ලිම් ඇමතිවරුන් මෙන් නොව ඔහුව ඕනෑම කෙනෙකුට හමුවිය හැකිය. මේ හේතුව නිසා රටපුරා මුස්ලිම් ජනතාව ප‍්‍රශ්න විසඳා ගැනීමට ඔහු වෙත යනු පෙනේ. කෙසේ වෙතත් ඔහුට ඇතැම් පාර්ශ්ව එල්ලකරන විල්පත්තු චෝදනා සම්බන්ධයෙන් සිංහල ජනතාව තුළ ඔහු ගැන ඇති මතය යහපත් නොවේ. එම නිසා ජාතික නායකයකු ලෙස ඉස්මතුවීමට නම් ඔහු සිංහල ජනතාවගේ විශ්වාසය මීට වඩා දිනාගන්නට කටයුතු කළ යුතුව තිබේ.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතට දස දෙසින් විරෝධය
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත සම්බන්ධයෙන් රජයට රටේ විවිධ පාර්ශ්ව වලින් විරෝධය එල්ලවී තිබේ. එය දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව මත රජය හඳුන්වා දුන් පනතක් බවටද, නව පනත දෙමළ ඩයස්පෝරාවේ සිටින මෙරටට විරුද්ධව කටයුතු කරන අයව ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කරන ලද පනතක් බවට චෝදනා තිබේ.
එසේම මෙම පනත මගින් ලේඛනයේ සහ භාෂණයේ නිදහසට තහංචි වැටෙන බවටද චෝදනා තිබේ. මේ පනතේ මුවාවෙන් දේශපාලනික වශයෙන් විරුද්ධවාදීන්ගේ භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහස නැති කිරීම සඳහා එහි 62 වැනි වගන්තියෙන් ප‍්‍රතිපාදන තිබේ. ඒ අනුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතට අනුව ඕනෑම රැුස්වීමක් නවත්වන්නට හැකි අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, වෘත්තීය සමිති පවත්වන රැුස්වීම්, පෙළපාළි ආදියද නැවැත්විය හැක.
විධායකය අහෝසි කරන්න රනිල් - ජවිපෙ සාකච්ඡුා
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා සකස් කළ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡුාවක් පාර්ලිමේන්තුවේදී අද (22 දා* පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡුාව සඳහා ජනතා විමුක්ති පෙරමුණු පාර්ශ්වයෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරු සහභාගී වෙති.
මීට පෙර 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නායකයන් සමඟද ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡුාවක නිරත විය.
පොහොට්ටු - ශ‍්‍රීලනිප සාකච්ඡුා තෙවන වටය අපේ‍්‍රල් 10 දා
පොදු සන්ධානයක් ගොඩනැඟීම සඳහා
ශ‍්‍රීී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවති දෙවැනි සාකච්ඡුා වටයද සාර්ථක වූ බව ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම සාකච්ඡුා පැවැත්වුණු අතර නව සන්ධානය ගොඩනැඟීමට අදාළ මූලික කාරණා 20 ක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡුා කර තිබේ. මෙම සාකච්ඡුා වටයේ තුන්වැනි නිල සාකච්ඡුාව අපේ‍්‍රල් මස
10 වැනිදා පැවැත්වීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබේ.
-දිවයින පුවත්පත
No comments:
Post a Comment