විල්පත්තු වන සංහාරයට එරෙහි දැවැන්ත විරෝධතාවයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

විල්පත්තු වන සංහාරයට එරෙහි දැවැන්ත විරෝධතාවයක්

විල්පත්තු වන සංහාරයට එරෙහි දැවැන්ත විරෝධතාවයක්

විල්පත්තු වන සංහාරයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව විල්පත්තුව සුරකිමු සංවිධානය පවසා සිටියි.

එම සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමි පවසන්නේ අඛණ්ඩව සිදු කෙරෙන වන විනාශය පිළිබඳ නවතම තොරතුරු මැතකදී ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණය වී ඇති බවය.

මෙවන් විනාශයක් සිදුවන බව දැනුවත්ව සිටින බලධාරීන් මුණිවත රැකීම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බව උන්වහන්සේ පෙන්වා දෙනු ලබයි.

වනජීවි දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් භූමි ප්‍රදේශයට මේ වන තෙක් කිසිදු හානියක් නොමැති බවය.

ආන්දෝලනයට තුඩු දී ඇත්තේ වනෝද්‍යානයට උතුරු දෙසින් පිහිටි වන රක්ෂිතය බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා සඳහන් කළේය.

අදාළ වන රක්ෂිතයේ සිදු කෙරනෙ එළිකිරීම් සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුවට වගකීමක් නොමැති බව එම ප්‍රකාශකයා තවදුරටත් පැවසුවේය.

කෙසේවෙතත් අදාළ භුමි ප්‍රදේශය රක්ෂිත ලෙස ගැසට් කර ඇති හෙයින් එළිකිරීම නීති විරෝධි බව වනජිවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අතර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බව වනජිවි දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා කියා සිටියේය.

කෙසේවෙතත් විල්පත්තු රක්ෂිතයේ සිදු කෙරන වන විනාශය මේ වන විටත් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ  ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසා සිටියේය.

වත්මන් රජය මඟින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් යටතේ මෙම වන විනාශය සිදු කෙරන අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධාරීන් මුනිවත රැකීම සමස්ත ජාතියේම අභාග්‍යයක් බව හෙතෙම පවසා සිටියේය.

මේ අතර විල්පත්තු වන විනාශයට අදාළව විභාග වන නඩුවක් අභියාචනාධිකරණ හමුවේ අද (22) සළකා බැලෙන බව නාගහනන්ද කොඩිතුවක්කු මහතා පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad