”මාව එල්ලුවත් පාර්ලිමේන්තුව ඇතුලේ බුලත් කන එක නවත්තන්නේ නෑ” – මන්ත්‍රී විමලවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

”මාව එල්ලුවත් පාර්ලිමේන්තුව ඇතුලේ බුලත් කන එක නවත්තන්නේ නෑ” – මන්ත්‍රී විමලවීර

”මාව එල්ලුවත් පාර්ලිමේන්තුව ඇතුලේ බුලත් කන එක නවත්තන්නේ නෑ” – මන්ත්‍රී විමලවීර

කතානායකතුමා තමා එල්ලුවත් මැතිසබයේ බුලත් කෑම නවත්වන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක විසින් කතානායකවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

බත බුලත මේ රටේ සංස්කෘතියේ අංගයක් බවත් ඊට එරෙහිව යාමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් මන්ත්‍රීවරයා පවසයි.

මේ රටේ ජනතාව අනාදිමත් කාලයක සිට බුලතට හුරුවී සිටි ජාතියක් බව කී මන්ත්‍රීවරයා කියා සිටියේ උතුම් වූ මහා සංඝරත්නයට පවා සංස්කෘතියේ අංගයක් ලෙස පළමුව පිරිනමන්නේ දැහැත් වට්ටියක් බවය.

එමෙන්ම බුලත් කෑම දුම්බීම මෙන් බාහිර පුද්ගලයෙකුට හානියක් ඇති වන දෙයක් නොවන බවද ඔහු කියා සිටියේය.

මැතිසබයේ බුලත් විට කන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සිටින අතර ඒ විමලවීර දිසානායක මන්ත්‍රීවරයා සහ හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාය.

මැතිසබයේ බුලත් කෑම නවත්වන්නේ නැති බව ඒකනායක මන්ත්‍රීවරයා ද ප්‍රකාශයක් කර තිබේ.

රාජ්‍ය ආයතන තුළ බුලත් කෑම නතර කිරීමට ද පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණයක් ගනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad