"ශ්‍රීලනිපයට දැවැන්තම විනාශය සිදු කළේ පොදු ජන පෙරමුණයි" - දයාසිරිගෙන් චෝදනාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

"ශ්‍රීලනිපයට දැවැන්තම විනාශය සිදු කළේ පොදු ජන පෙරමුණයි" - දයාසිරිගෙන් චෝදනාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැවැන්තම විනාශය සිදුකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර  මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පක්ෂයට දැවැන්තම හානිය සිදු වුයේ පසුගිය කාලයේ පොදු ජන පෙරමුණෙන් බව පැවසු ජයසේකර මහතා, දිනවීමේ කාර්ය මෙන්ම එයට හානි කිරීම ද මෙමඟින් සිදුවු බවයි.

ජිනීවා මානව හිමිකම් සැසිවාදයේ බ්‍රිතාන්‍ය හා සම සහභාගීත්වයක් ගනිමින් රජය සිදු කර ඇත්තේ විනාශයක් බව ද පැවසු ජයසේකර මහතා, දෙමළ ජනතාව සමූල ඝාතනය කිරීමට කැපවුණ බව අපි විසින් පිළිගෙන ඇති බව ද පැවසීය.

ඇමෙරිකාව විසින් පසුගිය සතියේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වු බවත්, අපට ද කළ යුතුව තිබුණේ එය බව ද පැවසු දයාසිරි ජයසේකර මහතා, අපි තවත් වසර දෙකකින් ඒ හා සමඟ තිබු බැඳීම දික් කර ගත් බවත්, වසර 2කට පසුව අපේ හමුදා භටයින් එල්ලීමට සුදානම් විය යුතු බවත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad