"රටම පිළිගන්න නායකයෙක් එජාපයෙන් ජනාධිපතිවරණයට" - මනුෂ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 21, 2019

"රටම පිළිගන්න නායකයෙක් එජාපයෙන් ජනාධිපතිවරණයට" - මනුෂ

සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ගාල්ලේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.

රටක පිළිගන්න,රටම ආදරය කරන සියලු ජන කොට්ඨාශවලට පිළිගත හැකි නායකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පැවසු මන්ත්‍රීවරයා, දැම්ම ඒ පිළිබඳ ප්‍රකාශ කිරීම සුදුසු නොවන බව ද පැවසීය.

වැදගත් පක්ෂයක් ලෙස සියලු දෙනාගේ ආශිර්වාදය සමඟ මෙම ඉදිරිපත් කිරීම සිදු කරන බවත්, ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය ලැබෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad