පර්යේෂණයක් සඳහා මෙරටට පැමිණි චීන ජාතික විද්‍යාඥයින් 04 දෙනෙකු ද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වෙලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 1, 2019

පර්යේෂණයක් සඳහා මෙරටට පැමිණි චීන ජාතික විද්‍යාඥයින් 04 දෙනෙකු ද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් චීන ජාතික විද්‍යාඥයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කළා.
එමෙන්ම තවත් චීන ජාතික විද්‍යාඥයින් 05 දෙනෙකු බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලබා ඇති අතර ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා මේ වන විට චීනයට ගෙන්වා ගැනිමට කටයුතු කර ඇති බවයි චීන තනාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ.
ජීවිතක්ෂයට පත් වු විද්‍යාඥයින් 04 දෙනාගේ මෘත දේහයන් චීන රජය, එරටට ගෙන්වා ගෙන ඇති බව සඳහන්.

මෙම චීන විද්‍යාඥයින් එරට විද්‍යා අධ්‍යයන ආයතනයක් නියෝජනය කරමින් අප්‍රේල් මාසයේදි මෙරටට පැමිණ තිබුණේ පර්යේෂණයක් සඳහායි.
පසුගිය 29 වනදා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විදේශකයින් 42 දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් ව ඇති බවයි.

ඉන් 25 දෙනෙකු ගේ මෘත දේහ ඔවුන්ගේ මව්රට වෙත යවා ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad