එළෙඹෙන ඉරිදා දිනයේත් දේව මෙහෙයන් නොපවත්වන්නැයි අගරදගුරු හිමිපාණන් දැනුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 2, 2019

එළෙඹෙන ඉරිදා දිනයේත් දේව මෙහෙයන් නොපවත්වන්නැයි අගරදගුරු හිමිපාණන් දැනුම් දෙයි

රටේ පවතින ආරක්ෂක තත්වය සැලකිල්ලට ගනිමින් එළඹෙන 05වන ඉරිදා දිනයේත් දේව මෙහෙයන් නොපවත්වන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුම් දී තිබෙනවා.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ඉකුත් ඉරිදා දිනයේ ද දේව මෙහෙයන් සිදු කෙරුණේ නැහැ.

මේ අතර පාසල්වල ආරක්ෂක තත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍ය බැවින් තවත් දින කිහිපයක් හෝ පාසල්වලට නිවාඩු ලබාදෙන ලෙස මහනුවර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් කිහිපදෙනෙකු මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අධ්‍යාපන බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ ඉල්ලීම ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad