ඉස්ලාම් ධර්මය ඉගැන්වීම සඳහා මෙරටට පැමිණ ඇති විදේශිකයන් රටෙන් පිටුවහල් කිරීමට අදාළ අංශ වෙත උපදෙස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 2, 2019

ඉස්ලාම් ධර්මය ඉගැන්වීම සඳහා මෙරටට පැමිණ ඇති විදේශිකයන් රටෙන් පිටුවහල් කිරීමට අදාළ අංශ වෙත උපදෙස්


 රැකියා වීසා බලපත් නොමැති ඉස්ලාම් ධර්මය ඉගැන්වීම සඳහා මෙරටට පැමිණ ඇති විදේශිකයන් රටෙන් පිටකරලීමට විධිවිධාන යොදන මෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා අනෙකුත් අදාළ අංශ වෙත අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ඉස්ලාම් ධර්මය ඉගැන්වීම සඳහා මෙරටට පැමිණ ඇති විදේශිකයන් පිළිබඳ කරුණු සොයා බලා ඔවුන් රට තුළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන සහ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවටයි වාර්ථා වෙන්නේ.

මෙහිදී අනාවරණය වූයේ රැකියා වීසා බලපත්වලින් තොරව පුද්ගලයන් ගණනාවක් ආගමික පාසල්වල සේවය කරන බවට තොරතුරු වාර්තාවෙමින් පවතින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad