සජිත් කපා දැමීම ස්ථිර කරමින් රනිල් 05 වැනිදා නව සන්ධානයක් බිහිකරයි.. සජිත් පිල කලබල වේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 23, 2019

සජිත් කපා දැමීම ස්ථිර කරමින් රනිල් 05 වැනිදා නව සන්ධානයක් බිහිකරයි.. සජිත් පිල කලබල වේ !

ළඹෙන අගෝස්තු පස් වැනිදා එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙසේ ගොඩනගන නව සන්ධානයෙන් ප‍්‍රතිපත්ති මාලාවක් සකසා ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සහ මහ මැතිවරණ වලට මුහුණ දෙන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

මේ අතර වාර්තා වන්නේ දැනට එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන පක්‍ෂ වැඩි ප්‍රමාණයක් මීළඟ ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරනවාට දැඩි විරෝධය පළ කර ඇති බවයි.

පක්ෂ කිහිපයක් පමණක් දැනුම් දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසින් තීන්දු කරණ අපේක්ෂකයෙකුට සහය දීමට සූදානම් බවයි.

මේ තත්ත්වය මත එළඹෙන 05 වනදා සන්ධානය බිහි කිරීමට පෙරාතුව සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම විසින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරවා ගැනීමට දැඩි වෙහෙසක් දරමින් සිටින බව වාර්තා වෙයි.

ඔවුන් ප්‍රධාන වශයෙන් ඉල්ලා ඇත්තේ මුලින් ජනාධිපති අපේක්ෂකයා නම් කර පසු සන්ධානය බිහි කළ යුතු බවකි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණේ ඇතැම් නායකයන් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාටත් අපේක්ෂකත්වය දුනහොත් තමන් එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වන බවයි.

දෙමළ ජාතික සන්ධානයද පසුවන්නේ සජිත් ප්‍රේමදාස මහතා අපේක්‍ෂකයා කළ යුතු නැති බවට වන ස්ථාවරයකයි.

ජාතික ප්‍රශ්නය අරභයා සජිත් ප්‍රේමදාස මහතා දරන ස්ථාවරය දෙමළ ජාතික සංධානය හා නොගැලපෙන බව එම සන්ධානයේ අදහසයි.

ජනතා විමුක්ති පෙරමුණද සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දීමට කිසිදු ඉඩක් නැත්තේ 88-89 භීෂන යුගයේ 60,000 තරුණ සංහාරය සමබන්ධයෙන් එම පක්‍ෂයේ ප‍්‍රධාන චෝදනා එල්ල වන්නේ ජනාධිපති ආර්. පේ‍්‍රමදාසට වීම හෙතුවෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad