පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි.. හතුරුසිංහ එලවයි.. ලොව දක්‍ෂතම පුහුණුකරු 25,000කට එන්න සූදානම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 30, 2019

පඩිය ලක්‍ෂ 79යි.. තරග දිනීම 35%යි.. හතුරුසිංහ එලවයි.. ලොව දක්‍ෂතම පුහුණුකරු 25,000කට එන්න සූදානම් !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන් මීළඟ නවසීලන්ත සංචාරයට පෙර ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ක‍්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද දැනුම්දීමක් අනුව මෙම තීන්දුව ගෙන ඇත.

මේ අතර කොළඹ පැවති උත්සවයක් අමතමින් ක්‍රීඩා ඇමතිවරයා කියා සිටියේ වත්මන් ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ රුපියල් ලක්ෂ 79ක මාසික වැටුපක් ලබා ගන්නා බවයි.

නමුත් ඔහුගේ තරඟ දිනවීමේ ප‍්‍රතිශතය 35% ක් බව ද ඔහු සඳහන් කළේ ය.

පුහුණුකරුවන්ටද ලබාදිය යුත්තේ ක්‍රීඩකයන්ට තරග දිනන ප්‍රමාණය අනුවලබා දෙන ආකාරයේ දීමනාවක් බව ද ඇමැතිවරයා කීය.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයට ඉල්ලුම්පත් ගණනාවක් ලැබී ඇති බවත් ඔවුන් ලෝකයේ ඉහළම ගණයේ පුහුණුකරුවන් බවත් කී එහි වැඩිම ඉල්ලුම ඇත්තේ ඩොලර් 25000 ක් බව ද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad