පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් සිසුන්ගේ පෞද්ගලික ලිපිගොනු කසළ ගොඩට විසිකරලා,ඒවායේ ඡායාරූප හා දුරකථන අංක ඔස්සේ දැන් සිසුවියන්ට කෝල් එනවාලූ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 30, 2019

පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් සිසුන්ගේ පෞද්ගලික ලිපිගොනු කසළ ගොඩට විසිකරලා,ඒවායේ ඡායාරූප හා දුරකථන අංක ඔස්සේ දැන් සිසුවියන්ට කෝල් එනවාලූ!

Loading...
වවුනියාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් විසින් ඔවුන්ගේ් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පෞද්ගලික ලිපි ගොනු හා තවත් පෞද්ගලික විස්තර ඇතුළත් ලියවිලි කසළ ගොඩවල් වල දමා තිබීම පිළිබඳ 29 දා පොලීසියට පැමිණිලි කොට තිබේ.
පොලීසියට පැමිණිලි කළ සිසුන්ගේ දෙමවුපියන් කියා සිටින්නේ තම වැඩිහිටි ශිෂ්‍යාවන්ගේ ලිපිනයන් දුරකතන අංක ඡුායාරූප ඇතුළත් ලිපි ගොනු කිසිදු වගකීමකින් තොරව කසළ ගොඩවල් වලත් වෙල් යායවල් වලත් දැමීමට පාසලේ බලධාරීන් පියවර ගෙන තිබීම නිසා තම දරුවන් විශාල ප‍්‍රශ්නයකට හා අනතුරකට මුහුණ පා සිටින බවයි.
මෙම ලිපි ගොනු සකස් කිරීම සඳහා අදාළ පෞද්ගලික පාසලේ බලධාරීන් දෙමවුපියන්ගෙන් රුපියල් 2000 බැගින් අය කළ බවත් එම ලිපි ගොනු සකස් කොට මාස හයක් ගත වීමත් සමගම ඒවා පළාතේ තැන් තැන් වල කුණු ගොඩවල් වලට දැමීම විශාල අපරාධයක් බවත් ඒ දෙමවුපියෝ ප‍්‍රකාශ කොට සිටිති.
අදාළ අධ්‍යාපන ආයතනය විසින් ඔවුන්ගේ බාරයෙන් නිදහස් කොට වවුනියාවේ බොහෝ කසල ගොඩවල්වලට වීසි කොට ඇති ලිපි ගොනුවලින් සමහරක් ඒවා දන්නා හඳුණන තරුණයින් විසින් නිවෙස්වලට ගෙනැවිත් බාර දී තිබේ.
 තවත් සමහර ලිපි ගොනුවල ශිෂ්‍යාවන්ගේ දුරකතන අංක තිබීම නිසා එම අංකවලට ඇමතුම් ලබා ගැනීමට පටන් ගෙන තිබීම නිසා මවුපියෝ දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටිති.
-Diavina

No comments:

Post a Comment

Post Bottom Ad