රනිල් වික්‍රමසිංහ මහත්මයා අධ්‍යපක්ෂණය කරමින් තිර පිට පත ලියපු නාට්‍යයක අවසන් ජවනිකා ටික මේ දිනවල ක්‍රියාත්මකවෙමින් පවතිනවා. තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් මේ අය සිංහල, මුස්ලිම් හා ක්‍රිස්තියානි ජනතාව නළුවන් කර ගෙන සිටිනවා.
දැන් මේ ඡන්ද බලාපොරොත්තුවෙන් පමණක් සිදුකරන මේ වැඩ වල ප්‍රතිළුලය අවසානයේ හොද දෙයක් නෙවේ. මේ වෙලාවේ මුස්ලිම් ජනතාවට ඒත්තු ගන්වන්න හදනවා එජාපය තමයි ඔවුන්ගේ ගැලවුම් කාරයා කියලා. නමුත් බුද්ධිමත් පිරිස දන්නවා මේ කරන්නේ මොකක්ද කියලා. මුස්ලිම් ජනතාව අරක්ෂා කරනවා කියලා උඩින් පෙන්නලා ඔවුන්ගේ ව්‍යාපාර
තිනකරම නැති කරලා දානවා. ඒ අය දන්නෙත් නෑ ඒ අයට මේ රජය කරන හානිය. ඔවුන් නොදැනම මේ දේහපාන නාට්‍යයක කොටස් කාරයින් වෙලා.
අද මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිවෙකු සෑහීමකට පත්වන්නේ නෑ. එහෙම තියෙද්දී නැවත මුස්ලිම් ඇමතිවරුන් දිවුරුම් දීමක් සිදුවෙනවා. මේ ආණ්ඩුව සෑඹ අවස්ථාවක දීම කරේ ඔවැනි වැඩ. විරෝධය එන විට ඇමතිවරයා ඉල්ලා අස්වී නැවත ඊටත් වඩා හොද ඇමති කමක් දෙනවා. එදා ඉල්ලා අස් වු තිලක් මාරපන, රවී
කරුනානායක, මහේෂ්වරන් මේ අය අද ඔක්කොම ඇමති වරු. මේ රනිල් ගේ තිර පිටපතින් කරන දේශපාන නාටක සදහා රටේ ජනතාව ඉත්තන් කරන වැඩ කරනවා මිසක් රටට වැඩක් ඇති වැඩක් කරන ආණ්ඩුවක් නෙවේ.
කෙසේ නමුත් ඉදිරි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අපේ ආණ්ඩුවක් තුල පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරදි කරුවන්ට නිවැරදි නීතිමය ක්‍රමවේදයක් ඔස්සේ දඩුවම් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා
ටී. විතානවසම්
මව්බිම


No comments:
Post a Comment