කොන්ද පණ නෑ කියා කීවේ ජනාධිපතිට නොවේ.. එය ඔහු පිලිගත්තාට මං මොනව කරන්නද? - අගරදගුරු - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 31, 2019

කොන්ද පණ නෑ කියා කීවේ ජනාධිපතිට නොවේ.. එය ඔහු පිලිගත්තාට මං මොනව කරන්නද? - අගරදගුරු

මන් නායකයන්ගේ කොන්ද පණ නැති බව සඳහන් කළේ ජනපති හෝ අගමැති ඉලක්ක කරගෙන නොමැති බවත් ජනපතිවරයා එය පිළිගන්නවානම් තමන්ට කිරීමට දෙයක් නොමැති බවත් කොළඹ අඟරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.


“මම ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි කියලා එහෙම කිව්වේ නෑ. පිටකොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න කිව්වේ තීරණ ගන්න වෙලාවට හරි තීරණ ගන්න කෙලින් ඉන්න කියලයි. එතුමා ඒක පිළිගත්තානම් මම මොනවා කරන්නද?

අපි පල්ලිය තුළ මනුෂ්‍යාගේ ප්‍රශ්න වෙනුවෙන් කථා කරනවා. මම කථා කළේ තුවාල වුණ මනුස්සයින් වෙනුවෙන්. ඒ මිනිස්සුන්ට දුන්න වදය ගැනයි මම කථා කළේ. වරදක් වෙන කොට ඇත්ත නැත්ත පෙන්වා දීම ආගමික නායකයෙකුගේ වගකීමක්. ඒකයි මම එහෙම කිව්වේ.

ඒක එක්කෙනෙකුට කියලා මම කිව්වේ නෑ. නමුත් දේශපාලන ලෝකයේ තියෙන අවිනිශ්චිතභාවය කෙලින් වැඩ කරන්න බැරිකම අපි අවුරුදු 70ක කාලයක් දැකලා තියෙනවා. නැවෙන ගතිය අද එකක් කියනවා. හෙට එකක් කියනවා. ඉතිහාසය පුරාවටම තිබුණා. එක එක නායකයෝ ඒක ඔළුවට අරගෙන දාගත්තට මට කරන්න දෙයක් නෑ.”


No comments:

Post a Comment

Post Bottom Ad