සජින් වාස් පොට්ට කාසියක්.. ඔහු මහින්දගේ ආණ්ඩුව අප‍්‍රසාදයට පත් කල ප‍්‍රධාන පුද්ගලයෙක් - පොහොට්ටුවෙන් ප‍්‍රතිචාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 30, 2019

සජින් වාස් පොට්ට කාසියක්.. ඔහු මහින්දගේ ආණ්ඩුව අප‍්‍රසාදයට පත් කල ප‍්‍රධාන පුද්ගලයෙක් - පොහොට්ටුවෙන් ප‍්‍රතිචාර

චින්ද වාස් ගුණවර්ධන මහතා ගැන බොහෝ කරුණු කාරණා දන්න කිහිප දෙනෙක් අපි අතරත් ඉන්නවා.මොන ප්‍රකාශ කලත් මොනතරම් හඩ තැලුවත් පොට්ටකාසි වලට ආයෙමත් වටිනාකමක් එන්නේ නැහැ.සචින්ද වාස් ගුණවර්ධන කියන්නේ මේ රටේ අවලංගු වුන පොට්ටකාසියක්.යයි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කීය.


ඒ මහතා මෙම අදහස් පතකලේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවකින් අනතුරුව මාධ්‍යයට අදහස් පල කරමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,

අපි කරුණාකරල කියනව සචින්ද වාස් ගුණවර්ධනට අවුරුදු 4ක් හිටිය වගේ ඒ විදියට ඉදිරි කාලයේත් ඔහොම හිටියොත් හොදයි.පසුගිය මහින්ද රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුව තිබුන කාලය තුල ඒ ආණ්ඩුව ජනතාව තුල අප්‍රසාදයට ලක්වෙන්න හේතුවෙච්ච කරුණු වලින් පුද්ගලයින්ගෙන් ප්‍රධානම කෙනෙක් සචින්ද වාස් ගුණවර්ධන.එවැනි අය ආපසු කුණු බක්කි ගොඩදාන්න යන්න එපා සචින්ද මහත්තයෝ ගද ගහනව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබදව සචින්ද වාස්ට වඩා අපිට ලොකු කැක්කුමක් තියනව.අපි පරම්පරාගතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෝ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මෑත කාලයේ ඇතිවූ මතභේද,අර්බුද ගැටලු නිසා ප්‍රතිපත්තිමය කරුණු මත තවදුරටත් පක්ෂයට ගරහන්නේ නැතිව අපි එතන ඉන්න බැරි නිසා ඉවත්වෙලා ආපු පිරිසක්.ඒ නිසා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගෙන අපේ ප්‍රධාන ප්‍රතිවාදියා වන එක්සත් ජාතික පක්ෂය පරාජය කර යූ.එන්.පී විරෝධී ආණ්ඩුවක් ගොඩනැගීම තුල පමණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරක්ෂාවක් තියෙන්නේ කියන එක අපි කියනව.

– ප්‍රගීත් ජනක


No comments:

Post a Comment

Post Bottom Ad