පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණ (කෙසෙල් ඇවරිය) විසින් එම පළාත් සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය තේරීම් භාර නිලධාරියා විසින්
ප්‍රතික්‌ෂේප කිරීම අභියෝගයට ලක්‌කරමින් එම පක්‍ෂයේ ලේකම්වරයා විසින් ගොනු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළහ.
පෙත්සම්කාර පක්‍ෂය විසින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය පිළිගන්නා ලෙසට ද ශේ්‍රෂ්ඨාධිකරණය එහිදී තේරීම් භාර නිලධාරිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.
මෙම තීන්දුවත් සමග මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (30 වැනිදා) සඳහන් කළේ අදාළ ඡන්ද විමසීම ඔක්‌තොබර් මුල් සතියේ පැවැත්වීමට බලාපොරොත්තු වන බවය.


No comments:
Post a Comment