ඇමති සජිත් අරලිය මැදුරට කැදවා දණ ගස්වයි,එජාප ජනාධිපති අපේක්‍ෂක පත් කරන හැටි අගමැති කියාදෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 30, 2019

ඇමති සජිත් අරලිය මැදුරට කැදවා දණ ගස්වයි,එජාප ජනාධිපති අපේක්‍ෂක පත් කරන හැටි අගමැති කියාදෙයි.

Loading...
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා අරලියගහ මන්දිරයට පෙරේදා පස්වරුවේ කැඳවා තිබිණි.

එදින පස්වරුවේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඇබිලිපිටිය ප‍්‍රදේශයේ උත්සවයක සිටියදී අරලියගහ මැදුරට ඔහු වහාම කැඳවන්නට අගමැතිවරයා කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට ඇමති රාජිත සේනානායක මහතාද එක්ව සිට ඇත.

එලියේ රණ්ඩු කරන එක නවතා පක්ෂය ඇතුළේ ප්‍රශ්නය විසඳාගන්නැයි අගමැති විසින් ඇමැති සජිත් ප්‍රේමදාසට එහිදී දැනුම් දී තිබේ.

රණ්ඩු වෙලා අපේක්ෂකයා වුවද ජයගත නොහැකි බවත් එවිට එක් කොටසක් කකුලෙන් අදින බවත් එහිදී ඇමති රාජිත සඳහන් කර ඇත.

තමන් කකුලින් නොඅදින බවත් මන්ත්‍රී කණ්ඩායම එකට තබා ගැනීම සඳහා තමන්ට ඔවුන් සමග සිටින්නට වන බවත් ඇමති සජිත් පේ‍්‍රමදාස ඊට පිලිතුරු ලෙස පවසා තිබේ.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ මැතිවරණය ගැසට් කලාට පසු නාමයෝජනා කමිටු කැඳවා එමගින් බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

වැඩිදුර ප්‍රශ්න ඇතොත් ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා කරන ලෙස පවසා අගමැතිවරයා සාකච්ඡාවක් අවසන් කර තිබේ.
-lankasinhalanews

No comments:

Post a Comment

Post Bottom Ad