dulas and keheliya - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 30, 2019

dulas and keheliya

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ එකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක වෙනුවෙන් මාධ්‍ය ප‍්‍රකාශකවරු දෙදෙනෙක්  පත් කළ බව එම පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර දන්වා ඇත.

ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිළ මාධ්‍ය ප‍්‍රකාශකවරුන් වශයෙන්  පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම මහතා සහ කෙහෙළිය රඹුක්වැල්ල   මහතා පත් කර ඇති බව එහි දන්වා ඇත.

ඊයෙ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්  විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන  ඇති බව දන්වා තිබේ.

මේ දක්වා ගෝඨාභය වෙනුවෙන් පුද්ගලයින් ගණනාවක් මාධ්‍ය හමු පවත්වා තිබූ අතර ඇතැම් අය එම පක්ෂය නියෝජනය නොකළ අය වීමද විශේෂිතය.


No comments:

Post a Comment

Post Bottom Ad