අද දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව කියා සිටියේය.
ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් දිනයක් ලබාදී නැතැයි ද ඔහු සඳහන් කළේය.
හිටපු ආණ්ඩුකාර වරුන් වන අසාද් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය හමුවේ වාර්තා කරමින් මේ බව ඔහු දැනුම් දුන්නේය.


No comments:
Post a Comment