ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගිය ජාතික බලවේගය තරග වදින සලකුණ ‘හංසයා’ ලකුණ ලෙස පිළිගන්නා ලෙස එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම ඉල්ලීම ඔහු විසින් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙපාර්ශ්වය අතර සිදුවූ සාකච්ඡා වලින් පසුයි.
කෙසේ වෙතත් එම සන්ධානය සඳහා ‘අලියා’ ලකුණ ලබා ගැනීම සඳහා තවදුරටත් උත්සාහයක් ක්‍රියාත්මක වුවද එහි යම් නීතිමය අවහිරතා ඇතැයිද වාර්තා වෙයි.
සජිත් පේ‍්‍රමදාස මහතාගේ සන්ධානයට මුලින් යෝජනා කර තිබූ ‘හදවත’ ලකුණ සම්බන්ධයෙන් උපහාසාත්මක දැඩි විවේචන සමාජජාලාවල මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් ද එල්ල විය.
-lankacybernews.
Friday, February 14, 2020
හතර වටේ පීචං වී සජිත්ගේ පක්‍ෂය ‘හාරත’ ලකුණ අතහරී,වෙන ලකුණක් දෙන්නැයි මැකො ට දන්වයි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment