නැගෙනහිරින් නව අන්තවාදී සංවිධානයක් බිහිවේ.. ඉස්ලාමය බේරාගන්න සංවිධානය වේ.. ආධාර අරාබියෙන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 28, 2020

නැගෙනහිරින් නව අන්තවාදී සංවිධානයක් බිහිවේ.. ඉස්ලාමය බේරාගන්න සංවිධානය වේ.. ආධාර අරාබියෙන්

නැගෙනහිර පළාත මූලික කරගෙන අලුතින් මුස්ලිම් අන්තවාදී සංවිධානයක් බිහි වී ඇතැයි බුද්ධි අංශ විසින් වාර්තා කර ඇත.

ඒ හේතුවෙන් එම සංවිධානය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වා ගෙන යමින් ඇතැයිද සඳහන් වෙයි.

මුස්ලිම් ආගම විනාශ කිරීමට අනාගතයේ දී බිහිවෙන බව කියන නායකයෙකුට විරුද්ධව දැන් සිටම මුස්ලිම් ජනතාව දැනුවත් කිරීම මෙම සංවිධානයේ අරමුණ යැයිද අනාවරණය කරගෙන තිබේ.

මෙම නව සංවිධානයේ නායකයා ලෙස වෛද්‍යවරයෙකු කටයුතු කරන බවටත් දැනට එහි සාමාජිකයන් 30 දෙනෙකු පමණ සිටින බවටත් තොරතුරු හෙළි කරගෙන තිබේ.

අන්තර්ජාලය ඔස්සේ එම නව සංවිධානය විසින් ක්‍රියාකාරිකයන් ප්‍රවර්ධනය කිරීමට යෙදී සිටින බවටද කරුණු අනාවරණය වී තිබේ.

සංවිධානය පවත්වා ගෙන යාම සඳහා අරමුදල් මැදපෙරදිග රටකින් ලැබෙන බවට ද තොරතුරු හෙළි වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad