බන්දුලගෙ මිලට සීනි - සැමන් දෙන්න බෑ කියයි; සීනි සඡාඩ්ගේ සීනි 99යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 31, 2021

බන්දුලගෙ මිලට සීනි - සැමන් දෙන්න බෑ කියයි; සීනි සඡාඩ්ගේ සීනි 99යි

ත්‍යවශ්‍ය භාණ්ඩ විස්සක් අඩු මුදලකට ලබාදීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ අනුව අමාත්‍යාංශය ඉල්ලා සිටින මුදලට සීනි සහ සැමන් ලබාදීම ආනයනකරුවන් සහ තොග වෙළෙන්දන් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. භාණ්ඩ 10ක් ලාභ කිරීමට ආනයනකරුවන් හා තොග වෙළෙන්දන්ගෙන් මිල ගණන් කැඳවා වෙළෙඳ අමාත්‍යාංශය පසුගියදා පැවැත්වූ සාකච්ඡාවේදී මේ කරුණු අනාවරණය වී තිබේ.

එහිදී ආනයනික සැමන් ඉතා මිල අධික බැවින් දේශීය නිෂ්පාදකයන්ගෙන් සැමන් මිලදී ගැනීමට තීරණය වී ඇති බවද පැවසේ.

සීනි රුපියල් 85 කට වඩා අඩු මුදලකට පාරිභෝගිකයන්ට ලබාදීමට අමාත්‍යාංශය තීරණය කළත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සීනි සඳහා පාලන මිලක් පනවා තිබීම හේතුවෙන් ගැටලුවක් මතුව ඇති බවද වාර්තා වේ.

මේ තත්ත්වය හේතුවෙන් සීනි සඳහා ඇති ගැසට් නිවේදනය අහෝසි කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇතැයි ද පැවසේ.

පිරමීඩ් විල්මා

මේ අතර, බැඳුම්කර වංචාවටත් එහා ගිය බදු වංචාවක් කළ බවට චෝදනා එල්ලව සිටින ෂැංග්‍රිලා හෝටලයේ සභාපති වන සජාඩ් මවුසූන්ට අයත් පිරමීඩ් විල්මා හි නියෝජිතයා තමන්ට සීනි ලබාදිය හැක්කේ රුපියල් 99 කට බව අමාත්‍යාංශයට දැනුම් දී තිබීම විශේෂිතය.

අත්‍යවශ්‍ය භාණ්ඩ විස්ස පිළිබඳව ජීවන වියදම් කමිටුවද දැනුවත් කර පෙබරවාරි මාසයේ සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසුවද, පසුගිය සිකුරාදා (29) පැවැත්වීමට නියමිතව තිබු ජීවින වියම් කමිටු රැස්වීම ද පැවැත්වීමට නොහැකිවී ඇතැයි පැවසේ.


No comments:

Post a Comment

Post Bottom Ad