පලාත් සභා මැතිවරණය පැවැත්වුවොත් ආණ්ඩුව පරදින බව බුද්ධි අංශ වාර්තා දෙකකින් කියලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 4, 2021

පලාත් සභා මැතිවරණය පැවැත්වුවොත් ආණ්ඩුව පරදින බව බුද්ධි අංශ වාර්තා දෙකකින් කියලා

ළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් රජය ඉන් පරාජය වන බවට බුද්ධි අංශ විසින් සමීක්ෂණයකින් හෙළි කරගෙන ඇතැයි සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව තීරණය කර ඇතැයිද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සෙංකඩගල ආසනයේ සමගි ජන බලවේගය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු වීමත් සමග ආණ්ඩුව බුද්ධි අංශ යොදවා සමීක්ෂණ දෙකක් සිදු කළ බවත් ඒ සමීක්ෂණ දෙකෙන්ම ආණ්ඩුව පරාජයට පත් වන බව හෙළි වී ඇති බවත් ඔහු එහිදී පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad