ධම්මික පැණිය පටලවා ඇමති චන්න ජයසුමනට මඩ ගැසීමට එරෙහි වාරණ නියෝගයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 4, 2021

ධම්මික පැණිය පටලවා ඇමති චන්න ජයසුමනට මඩ ගැසීමට එරෙහි වාරණ නියෝගයක්

ම්මික බණ්ඩාර මහතා නිපද වූ පැණිය ගැන පවසමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට අපහාස වන අන්දමින් මුහුණු පොතේ දිගින් දිගටම අදහස් දැක්වූ දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන ජනිත් පේදුරුආරච්චි නම් වෛද්‍යවරයකුට එරෙහිව රැපියල් මිලියන 250ක වන්දියක් ඉල්ලා අමාත්‍යවරයා කඩුවෙල දිසා අධිකරණයේ පැවරූ නඩුව සලකා බැලූ දිසා විනිසුරුවරයා නඩුව ජනවාරි 18 කැඳවීමට නියම කළේය.

එදින දක්වා මහාචාර්යවරයාට අපහාස වන අන්දමේ කිසිදු කරුණක් පල නොකරන ලෙස දිසා විනිසුරුවරයා වාරණ නියෝගයක්ද නිකුත් කළේය.

මහාචාර්ය ජයසුමන වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා, නීතීඥ ජුවානා එස්. හැන්නදිගේ මහත්මිය සහ චින්තක ප්‍රනාන්දු මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් නඩුුවට පෙනී සිටියේය.

– repoter


No comments:

Post a Comment

Post Bottom Ad