ජනපති කිව්වේ බොරු – රේගු වෘත්තීය සමිති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 28, 2021

ජනපති කිව්වේ බොරු – රේගු වෘත්තීය සමිති කියයි

රේගුවේ කටයුතු කාර්ය්‍යක්ෂම නැතැයි ගරු ජනාධිපතිවරයා විසින් පැවසුවද 2020 වසර සඳහා අපේක්ෂිත රේගු බදු ආදායමින් 99% ඉලක්කයක් සපුරමින් ඉතිහාසයේ වැඩිම බදු ආදායමි ඉලක්කය සපුරනු ලැබුවේ පසුගිය වසරේදි බව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩිදුරටත් අදහස් පලකල රේගු වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයා විසින් පසුගියදා පැවසූ පරිදි හමුදාව හෝ වෙනත් තුන්වන පාර්ශවයක් යොදා රේගුවේ කටයුතු කරගෙන යාමට තම සංධානය කිසිසේත් ඉඩ නොතබන බව අවධාරණය කර සිටියි.

“අපි තමයි ලංකාවේ සමස්ත බදු ආදායමෙන් 50% වඩා ආණ්ඩුවට එකතු කරල දෙන්නේ. පසුගිය වසරේ අපි රුපියල් බිලියන 641ක් රේගු බදු වශයෙන් ආණ්ඩුවට එකතු කරල දුන්නා. එය වසරේ අපේක්ෂිත ඉලක්කය වූ රුපියල් බිලියන 647න් 99%ක ප්‍රතිශතයක්.” රේගු වෘත්තීය සමිති සන්ධානයේ උප සභාපතිවරයෙකු වන ලාල් විරකෝන් පවසයි.

“දූෂිත ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් ඉහල බලවතුන් කිහිපදෙනෙකුගේ උදව් ඇතිව රේගු නිළධාරින්ට එරෙහිව මේ බොරු ප්‍රචාර ගෙනියන්නේ ඔවුන්ගේ නිති විරෝධි වැඩ කරගෙන යන්න අපිව බාධාවක් නිසා.” රේගු වෘත්තීය සමිති සන්ධානයේ ලේකම්වරයෙකු වන සුදත් ද සිල්වා පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad