කොරෝනා ආසාදනයෙන් මිය ගිය දේහයක් එම්බාම් කර නිවසට ගෙන ගිහින් | COVID GOSSIP - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 4, 2021

කොරෝනා ආසාදනයෙන් මිය ගිය දේහයක් එම්බාම් කර නිවසට ගෙන ගිහින් | COVID GOSSIP


හදිසියේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය පුද්ගලයකුගේ දේහය ඥාතීන්ට භාර දී ඇත.
නමුත් පසුව දේහය සම්බන්ධයෙන් සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයකදී මෙම පුද්ගලයා ආසාදිත බව හෙලිවී තිබේ.

කුලියාපිටිය රෝහලට පෙරේදා දිනයේ මෙම පුද්ගලයා ඇතුළත් කර ඇත්තේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙනි.

ඊයේ උදෑසන රෝහලේදී මිය යෑමෙන් පසු දේහය ඥාතීන්ට භාර දී මෙන් පසු එම දේහය අවසන් කටයුතු සඳහා සූදානම් කර මල් ශාලාවක පෙට්ටියක තැන්පත් කර නිවසට ගෙන ගොස් තිබිණි.

අනතුරුව පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව එම මෘතදේහය කොරෝනා මරණයක් සේ සලකා ආදානය කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad