තවත් වසර 20ක් ජනාධිපති රනිල්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 31, 2023

තවත් වසර 20ක් ජනාධිපති රනිල්!

පළාත් පාලන මැතිවරණය ප්‍රතිඵලය කුමක් වුවත් ඉදිරි අවුරුදු දෙකක කාලයේද ජනාධිපති ධුරය දරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

පවතින ආර්ථික ගැටළු විසඳා වසරක් වගේ වැනි කාලයක් ඇතුළත වැඩපිළිවෙල ක්‍රියාත්මක කළහොත් ජනාධිපති වරණයක් කැදවීමේ හැකියාව ඇතැයි ද හෙතෙම පැවසීය.

ඉන් පසු වූ වසර දහයක් හෝ විස්සක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන්ම කටයුතු කිරීමේ හැකියාව ඇති බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමග සිරිකොත මූලස්ථානයේ පැවැති හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad