ආන්දෝලනාත්මක ලෙස දළදා වහන්සේට අපහාස කලේ යයි එල්ල වන චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සමාජ ජාල ක්‍රියාකාරී සේපාල අමරසිංහ ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයදීම ට සූදානම් බව දැනුම් දී තිබේ.
තමන් මාර්ගයෙන් අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් වෙත යොමු කර ඇති ලිපියක මේ බව දැක්වෙන බව ඔහුගේ නීතිඥවරයා සඳහන් කළේය.
ඔහු විසින් කරන ලද ප්‍රකාශය ප්‍රකාශය බෞද්ධ දර්ශනයට හෝ දළදා වහන්සේට අපහාසයක් අපකීර්තියක් කිරීමේ අරමුණක් නොතිබුණු බවද තම සේවාදායකවා පැවසූ බව නීතිඥවරයා කියා සිටියේය.
මේ අතර අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සේපාල් අමරසිංහ ලබන මස 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

No comments:
Post a Comment