ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මාන අතුරින් වසරේ ක්‍රිකට් විනිසුරු ලෙස තේරී පත්වී දෙවැනි වරටත් ඩේවිඩි ෂෙපර්ඩ් සම්මානය ලැබීමට ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන සමත් වී තිබේ.
වසරේ ක්‍රිකට් විනිසුරු ලෙස ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් ගේ හා ICC තරග තීරකයන් ගේ ඡන්දය හිමි වී තිබේ. මෙම සම්මානය මගින් අනෙකුත් ශ්‍රී ලාංකික නිලධාරීන් වඩාත් ධෛර්යයට පත් වේ යැයි අපේක්ෂා කරන බව ධර්මසේන සඳහන් කර සිටියි.
“මේ මා හට ඉතාමත් තෘප්තිමත් වසරක්… ICC ය වෙතින් ලද මෙම සම්මානය ගෞරවයක් හා වරප්‍රසාදයක්. මෙම සම්මානය මට පළමුවරට හිමිවූයේ සය වසරකට පෙරාතුවයි… මෙම සම්මානය, මා බොහෝ සෙයින් ආදරය කරන රැකියාවෙහි ඉදිරියටත් නිරත වීමට ශක්තියක් හා ධෛර්යයක් වනු ඇත… ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසක් විනිසුරුවකු ලෙසත් මා සෑම විටම ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් ආදරයක් දක්වන අතර, මෙම මෙම ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවෙහි අපේක්ෂා පූර්ණ කිරීමට ඉදිරියේදීත් දැඩි වෙහෙස මහන්සි වී වැඩ කිරීමට මා බලාපොරොත්තු වෙනවා,” යැයි ධර්මසේන පවසා තිබුණි.
Tuesday, January 22, 2019

වසරේ විනිසුරු, ධර්මසේන
Tags
# ක්‍රීඩා
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා
Labels:
ක්‍රීඩා
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment