තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් සරත් ෆොන්සේකා මහතා කටයුතු කරද්දී ඔහු සිදුකරන ලද අනවශ්‍ය වියදම් රැසක් සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් තමා ළඟදීම ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට ලිඛිතව පැමිණිලි කරන බව සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය සෙත්සිරිපාය පළමු අදියර ගොඩනැඟිල්ලේ 9 වැනි මහලේ පවත්වාගෙන යනවිට ඒ සඳහා මාසික කුලිය වූයේ රුපියල් ලක්ෂ 35ක් පමණක් බවත් එම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට සරත් ෆොන්සේකා මහතාගේ උපදෙස් අනුව ගෙන ගොස් මාසික කුලිය රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් ගෙවා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම මහතා පෙන්වා දෙයි.
ඊට අමතරව එම අමාත්‍යාංශයේ සිදු වූ අක්‍රමිකතා හා අනවශ්‍ය වියදම් රැසක් ගැනද තමා තොරතුරු එක්රැස් කරමින් සිටින අතර ළඟදීම එම සියලු තොරතුරු ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කර පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
– mawbima
Tuesday, January 22, 2019

Home
දේශපාලන
ෆොන්සේකාගේ අමාතශ්‍යංශ ගොඩනැගිල්ලට මාසික කුලිය එක්කෝටි විසි ලක්‍ෂයයි.. ෆොන්සේකාට විරුද්ව ජනාධිපති කොමිසමට පලමු පැමිණිල්ල තෙවරප්පෙරුමගෙන්..
ෆොන්සේකාගේ අමාතශ්‍යංශ ගොඩනැගිල්ලට මාසික කුලිය එක්කෝටි විසි ලක්‍ෂයයි.. ෆොන්සේකාට විරුද්ව ජනාධිපති කොමිසමට පලමු පැමිණිල්ල තෙවරප්පෙරුමගෙන්..
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment