සුපිරි මෝටර් රථයකින් කරන බම්බලපිටියේ ගණිකා ජාවාරම හසුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 14, 2019

සුපිරි මෝටර් රථයකින් කරන බම්බලපිටියේ ගණිකා ජාවාරම හසුවෙයි


සුපිරි මෝටර් රථයකින් ජංගම ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් මුදලට සුරූපී කාත්තාවන් විකිණු පුද්ගලයකු කාන්තාවන් සිවු දෙනකු සමඟ පෙර්දා (12දා) රාත්‍රි අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා දූෂණ මර්දන අංශය කියයි. සුඛෝපභෝගී මෝටර් රථයේ රියැදුරු වන ගණිකා ව්‍යාපාරය මෙහෙයවන පුද්ගලයා
සතුව තිබූ රියැදුරු බලපත්‍රය අන්සතු එකකි. අත්අඩංගුවට පත් වූ සුරූපී කාන්තාවන් සතුව තිබූ හැඳුනුම්පත්ද අන්සතු එකක් යැයි පරීක්‍ෂණවලදී හෙළි වූ බව පොලිසිය කියයි . බම්බලපිටිය පොලිස් වසමේ සුපිරි
මෝටර් රථයක ජංගම ගණිකා ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට ලද තොරතුරක් අනුව වැටලීම කර ඇත.

පොලිස් උපාය දූතයකු සුපිරි මෝටර් රථයේ රියැදුරුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගෙන කාන්තාවක් ඇණවුම් කිරීමෙන් පසු බම්බලපිටියට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
කොළඹ දිසා දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සමන් ශ්‍රී පද්මලාල් මහතාගේ උපදෙස් මත සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් එම මාර්ගයේ සැඟවී සිට ඇත. මෝර් රථය පැමිණ මඳ වෙලාවකින් ඒ අසලට උපාය දූතයා
ලෙස සිටි පොලිස් නිලධාරියා ගොස් ඇති අතර රියැදුරු ලෙස සිටි පුද්ගලයා වාහනයේ දොරවල් විවෘත කර කාන්තාවන් සිවුදෙනා පෙන්වා කැමැති අයෙක් තෝරා ගන්නා ලෙස උපාය දූතයාට පවසා තිබේ.

ඒ සමඟම අවට රැකවල්ලා සිටි සෙසු පොලිස් නිලධාරින් මෝටර් රථය වට කර සැකකරු හා සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත. එක් කාන්තාවක් රුපියල් දසදහස බැගින් ගැනුම්කරුවාට අලෙවි කර එයින් පන්දහසක් කාන්තාවන්ට ලබාදී තිබේ. සැකකාරියන් වයස අවුරුදු 24 - 28 අතර පසුවන දෙල්ගොඩ, හාලීඇළ,මහනුවර හා මතුගම පදිංචිකාරියන් බවත් සැකකරු කැලණිය පදිංචි අයකු බවත්  පොලිසිය කියයි.
අන්සතු රියැදුරු බලපත්‍රයක් ළඟ තබාගෙන බම්බලපිටිය පොලිස් වසමේ  කාලයක සිට සුපිරි මෝටර් රථයේ කාන්තාවන් සමඟ සැරිසරමින් කළ මෙම ජාවාරම පොලිසියට හසු නොවීම විමතියට කරුණක් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

-එම්.සී.පෙරේරා-

No comments:

Post a Comment

Post Bottom Ad